← ප්‍රතිඵල වෙත ආපසු යන්න

අධ්‍යාපනය; විභාගයටත් වඩා විසල්

දර්ශන කාහිංගල

කරුණාකර රැඳී සිටින්න....

දුරකථන අංකය ලබාගැනීමේදී දෝෂයක් ඇති විය. කරුණාකර නැවත උත්සාහ කරන්න

ඔබගේ ඉල්ලීම සකසන තුරු කරුණාකර රැඳී සිටින්න.

PDF, JPG, JPEG, PNG, DOC, TXT ආකෘති පමණි. එක් ගොනුවක් පමණක් උඩුගත කළ හැකි අතර, ගොනුවේ උපරිම ප්‍රමාණය 4MB වේ.

  • මෙම ගොනුවේ ප්‍රමාණය වැඩියි. කරුණාකර 4MB හෝ ඊට අඩු ගොනුවක් තෝරන්න.

විෂයයන් පාඨමාලා සහ අධ්‍යාපන සුදුසුකම්

දේශපාලන විද්‍යාව / පුරවැසි අධ්‍යාපනය / සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය මනුෂ්‍යාත්මබවේ ආශ්වාදනීය ඉහළ ම ලක්ෂ්‍යයන් කරා අප ගමන් කරන්නේ අධ්‍යාපනය හරහා බව විශ්වාස කරමි. එහි සාර්ථකත්වය ඇගයුමට ලක් කිරීමට ඇති විභාග, අධ්‍යාපනයේ සීමාව ලෙස සැළකීම අපරාධයකි. රජයේ පාසල්, පුද්ගලික තනි හා කන්ඩායම් පංති, සෙමනේරි ආදි කේන්ද්‍රයන් ගණනාවක් හරහා තිස්පස් වසරක පමණ කාලයක් පුරා මා ලැබූ සහ ලබමින් සිටින අත්දැකීම් වලින් පෝෂණය වෙමින් මා උත්සාහ කරන්නේ දැනුමින්, ආකල්ප සහ අධ්‍යාත්මිකත්වයෙන් ද, එමෙන් ම නිපුනතාවයන්ගෙන් ද නව පරපුරේ මානයන්ට ගැලපෙන ශිෂ්‍ය පිරිසක් උදෙසා දායක වීමට ය. ඒබැවින් විෂයමාලාව සම්පූර්ණයෙන් ම ආරණය කිරීමට ද, කිසිවකු මඟ නොහැරෙන පරිදි අතිශය පුද්ගලික අවධානය යොමු කිරීමට ද හැකි වන පරිදි අපගේ ඉගැනුම්-ඉගැන්වීම් කාර්යය සංවිධානය කෙරේ. සෑම පංතියක් ම එහි සහභාගිකයන්ට වඩාත් උචිත ආකෘතියක් සහ සැලැස්මක් යටතේ ක්‍රියාත්මක කෙරේ. මුල් ම දිනයේ පොදු සාකච්ඡාවක් තුළින් එම සැලසුම ගොඩනගා ගනිමු. අධ්‍යයන ක්‍රියාකාරකම් හැමවිට ම ශිෂ්‍යායාගේ පූර්ණ සහභාගිත්වය සමඟින් සිදුකෙරෙනු ඇත. අවශ්‍ය අවස්ථාවන් හී දී අනු ඒ්කක හෝ ඒ්කක අවසන් වූ සැණින් පුනරීක්ෂණ අදියරක් ඇති නිසා විෂයමාලාව අවසන් වූ පසු පුනරීක්ෂණ කාලය කාල කළමනාකරන කුසලතාවය ශක්තිමත් කිරීමට පමණක් සීමා කරගැනිමට හැකි වේ. මේ නිසා පුනරීක්ෂණ සඳහා අමතර කාලයක් හෝ ගෙවීම් අවශ්‍ය නොවන අතර සමත්බව දක්වා ගොඩනැගීම මුළු පාඨමාලා කාලය තුළ ක්‍රමානුකූලව සිදු වන්නක් වනු ඇත. මම රජයේ ගුරු සේවයට එකතු වූයේ ශාස්ත්‍රවේදී උපාධිධාරී ගුරුවරයෙකු ලෙස ය. මගේ ගුරු භූමිකාව සැබැවින් ම පෝෂණය වූයේ හැම විට ම අළුත් වෙන පරම්පරාවන් සමඟ වන අන්තර්-ක්‍රියාකාරීත්වයන් සහ බෙදා හදාගැනීම් නිසා ය. මනෝවිද්‍යා උපදේශනඥයෙක් ලෙස කෙරෙන වැඩකටයුතුවලින් ද, සමාජ-දේශපාලන-මාධ්‍ය ක්ෂේත්‍රයන් හී ප්‍ර්‍ර්‍ර්‍ර්‍රායෝගික මැදිහත්කරුවකු ලෙස ලැබූ සහ ලබමින් සිටින අත්දැකීම් විසින් ද ඒ වඩ වඩා පෝෂණය වෙයි. මේ නිසා ඉහත විෂයයන් හැදෑරීමට මා සමඟ එකතුවන ඔ්නෑම අයෙකුට මේ පුළුල් පෝෂණය සහ බෙදාහදා ගැනීම ඒස්සේ ඉදිරියට යා හැකි බව අත්විඳීමේ අවස්ථාව ගැන සහතික වෙමි. ඒය වඩා සමීප, හෘදයාංගම, විවෘත හා අවබෝධාත්මක ගවේෂණයක් වනු ඇතැයි විශ්වාස කරමි.

ගුරුවරයා සහ පවත්වන පන්ති පිළිබඳ තොරතුරු

ස්ත්‍රී / පුරුෂ භාවය:

ගුරුවරයෙක්

සුදුසුකම් සහ පළපුරුද්ද:

ප්‍රථම උපාධිය

පළපුරුද්ද: අවුරුදු 10 ට වැඩි

පවත්වනු ලබන පන්ති වර්ග:

  • පෞද්ගලික පන්ති
  • කුඩා කණ්ඩායම් පන්ති (සිසුන් 10 ට වඩා අඩු)
  • මධ්‍යම ප්‍රමාණයේ කණ්ඩායම් පන්ති (සිසුන් 10 සිට 20 දක්වා)

පන්ති පවත්වන භාෂාවන්:

  • සිංහල

ගුරුවරයා මාර්ගගත (ඔන්ලයින්) පන්ති පවත්වනවාද?

ඔව්, මාර්ගගත පන්ති පවත්වනු ලැබේ.

ගුරුවරයා තම නිවසේදී පන්ති පවත්වනවාද?

නැත

ගුරුවරයා අධ්‍යාපන ආයතන වෙත ගොස් පන්ති පවත්වනවාද?

නැත

ගුරුවරයා පන්ති පැවැත්වීම සඳහා සිසුන්ගේ නිවෙස්වලට පැමිණෙන්නේද?

ඔව්, ගුරුවරයා පහත සඳහන් නගරවල සිසුන්ගේ නිවෙස් වෙත ගොස් පන්ති පවත්වයි.

කොළඹ දිස්ත්‍රික්කය , ශ්‍රී ලංකාව: කොළඹ [(කොළඹ සිට කිලෝමීටර් 80ක පමණ වපසරියක් ඇතුලත)]

සමාන දැන්වීම් සොයන්න

පාසල් විෂය නිර්දේශය - 6 සිට සාමාන්‍ය පෙළ

පාසල් විෂය නිර්දේශය - උසස් පෙළ

අදහස් සහ සමාලෝචන

දැනට සමාලෝචන නොමැත. පළමු සමාලෝචනය ලියන්න.

සමාලෝචනයක් ලියන්න

අන් අයටත් දැනුම් දෙන්න